සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මානව හිමිකම් පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ

මානව හිමිකම් පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ

මානව හිමිකම් පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා‍ගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඉංජිනේරු සේවා දෙපාර්ත‍මේන්තු ශ්‍රවනාගාරයේදී (07) දින පැවැත්විණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා‍, සෑම දෙනාටම සෑම අයිතිවාසිකමක්ම සමානව තිබෙන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවන් අවස්ථාවක ඒ සඳහා සෑම දෙනාගේම සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය. ජාති ආගම් කුල, භුගෝලිය, ආර්ථික ආදි කිසිදු භේදයකින් සියලු දෙනාම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාන අයිතිවාසිකම් දරමින් කටයුතු කළ හැකි රටක් ගොඩනගා ගැනීමට අවස්ථාව එළඹි තිබෙන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම වැඩසටහනේ දී මානව හිමිකම් සුරක්ෂිත කිරිමේ යන්ත්‍රණය හා දායකත්වය මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ද මානව හිමිකමි කොම්ෂන් සභාවේ කාර්ය භාරය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ෂණ අධ්‍යක්ෂ ලාල් වීරසිංහ යන මහත්වරුන් විසින් දැනුවත් කිරීම් සිදුකරන ලදි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, නිහාල් අලහකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමැආරච්චි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ විරන්ජන් සුමනසේකර යන මහත්වරුන් රාජ්‍ය නිලධාරින්, පොලිස් හා බන්ධනාගාර නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook