
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් නාඋල නාලන්දා විද්‍යාලයේ දී.
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් නාඋල නාලන්දා විද්‍යාලයේ දී.
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සද්මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් නාඋල නාලන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා (06) පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.නාඋල අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.එස්. බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත් වූ මෙම වැඩසටහනට,විද්‍යාලයේ විදුහල්පති ආර්. ජී. ආර්.එල්.රාජමන්ත්‍රී මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.