සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමට පළාත පුරා සෞඛ්‍ය ජංගම සේවාවක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමට පළාත පුරා සෞඛ්‍ය ජංගම සේවාවක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමට පළාත පුරා සෞඛ්‍ය ජංගම සේවාවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ නව සංකල්පයක් පරිදි ශ්‍රී ලංකා අක්ෂිදාන පදනම මෙහෙයවීමෙන් රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේදී අක්ෂි රෝගීන් සඳහා සැකසුනු විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගිය 07 වැනි දින පැවැත් වනු ලැබීය. ප්‍රථම වරට දික්ඔය රෝහලේදී පැවැති මෙවන් සායනයකින් පසු සියලු රෝහල් කටයුතු පරිගණක කොට ජනතාවට සුවිශේෂී පහසුවක් ලබාදී ඇති දිවයිනේ එකම දිසා රෝහල වු රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහල මෙි සඳහා තෝරාගෙන ඇත්තේ දෙවැනි වරටය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය, රෝහල් අධිකාරි නිශ්ශංක විජයවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සායනයේදී ඇසේ සුද ඉවත්කිරීම, කාච දැමීම, රෝග ප්‍රථිකාරය මෙන්ම ඇස් කණ්ණාඩි ලබා දීමක්ද සිදුවූ අතර මෙි සදහා රෝගීන්ගේ වැඩි සහභාගිත්වයක් දක්නට ලැබුණි. රිකිල්ලගස්කඩ ටී. ඇමි. සෝමපාල

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook