
මධ්‍යම පළාතේ ජාතික පාසල්වල ගුරු තුලනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ආයතනික ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
මධ්‍යම පළාතේ ජාතික පාසල්වල ගුරු තුලනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ආයතනික ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (12) පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාතේ ජාතික පාසල් තුළ පවතින ගුරු අතිරික්තය තුලනය කිරීම, ගුරු මාරුකිරීම්, අනුයුක්ත ක්‍රියාත්මක කිරිම, පළාත් හා කලාප මට්ටමේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයෙන් ලේකම් මේනක හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්වූහ.