අපනයනාභිමුඛ ව්‍යසායකයින් ප්‍රමුඛ කරගනිමින් නව ව්‍යසායකත්ව සංස්කෘතියක්
පවතින ගෝලීය අභියෝග හමුවේ බලපෑම් රාශියකට මුහුණ පා සිටින ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් රටේ සමාජ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරීම සඳහා මධ්‍යම පළාත් දායකත්වය ඉහල නැංවීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් එළිදක්වයි. මෙම වැඩසටහන යටතේ අවම වශයෙන් ක්ෂුද්‍ර, කුඩා. මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත අපනයනාභිමුඛ වූ ව්‍යවසායකයන් අතුරින් නව අපනයනකරුවන් 10 දෙනෙකුවත් ආරම්භක වර්ෂය තුල බිහිකිරීමට සැලසුම් කෙරේ. එමඟින් මෙරට විදේශ විනිමය උත්පාදනය සඳහා සුළු හෝ දායකත්වයක් ලබාදීම අරමුණු කෙරේ.
මැද රටින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය කෙරෙහි අවධානය යොමු කිරීමේදී කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශය මඟින් ලබා දෙන දායකත්වය ඉහල අගයක් ගනු ලබයි.
දළදේශීය නිෂ්පාදනය සඳහා මධ්‍යම පළාතේ අංශික දායකත්වය
මධ්‍යම පළාත -
කෘෂිකර්ම(%) කර්මාන්ත (%) සේවා (%)
2019 2020 2019 2020 2019 2020
10.8 12.0 11.3 11.4 11.3 11.1
එවන් පසුබිමක රටට අත්‍යාවශ්‍යව පවතින විදේශ විනිමය රැස්කර ගැනීම ඉලක්ක කර පළාත තුල අපනයනයට යොමු වූ ව්‍යවසාය සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍ර වේශයක් සැපයීම, හඳුනා ගනු ලබන ව්‍යවසායකයින් අපනයනය සඳහා යොමු නොවීමට බලපා ඇති හේතු පිළිබඳ විමර්ශනයක යෙදීම, හඳුනා ගනු ලබන ගැටළු සඳහා පළාතක් ලෙසට අවශ්‍ය යෙදවුම් ලබාදීම යන අරමුණු සාධනය කර ගැනීමට පියවර ගැනේ. මෙම ව්‍යාපෘතිය දියත් කරමින් අධීක්ෂණය හා නියාමනය සඳහා මධ්‍යම පළාත් සභාවේ මෙහෙයවීමෙන් සහ REDA ආයතනයේ සම්බන්ධීකරණයෙන් පළාත් සහ රේඛීය කර්මාන්ත අමාත්‍යාංශ, පළාතේ බැංකු සහ මූල්‍ය ආයතන , අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වයක් සහිත විද්වතුන් හා උපදේශකයන්ගේද සහභාගිත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරනු ලැබීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ අදහසකට අනුව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පිළිබඳ විවෘත සංවාදයක් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සංවිධානයෙන් පසුගියදා (12) පැවැත්විණ.
2019 පාස්කු ප්‍රහාරය සහ අනතුරුව එළඹි කොවිඩ් 19 වසංගත තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ මෙරට ආර්ථිකයට එල්ල වූ අභියෝගය ව්‍යාපාර ක්ෂේත්‍රය තුලද විවිධ සංකූලතා ඇති කිරීමට හේතු පාදක විය. එම පසුබිම මත නිර්මාණය වූ විදේශ විනිමය අර්බුදය ආර්ථිකය තුල වෙනස්කම් ඇති කළ අතර, බොහෝ පුද්ගලයින්ට සිය ආදායම් මාර්ග අහිමි වීමත් පවත්වා ගෙන ගිය ව්‍යාපාර අඩපණ වීමත් වැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය.
එවන් අභියෝගාත්මක යුගයක බිඳවැටුණු ව්‍යවසායක ප්‍රජාවගේ මානසික ශක්‍යතාවයන් ඉහල නංවමින් සහ නැවත ව්‍යාපාර ගොඩනැගීමේ මානසික පසුබිම ශක්තිමත් කරමින්,
ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අත්වැලක් සැපයීම,
ව්‍යවසායකයින් සඳහා යටිතල පහසුකම් ඇති කිරීම,
විසිරී සිටින ව්‍යවසායකයින් ඒකරාශී කිරීම සහ සන්නද්ධ කිරීම ඇතුළුව ජාත්‍යන්තර තත්ත්වයෙන් සිය නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම, එහිදී මුහුණ දීමට සිදුවන විවිධ ගැටළු සහ අපහසුතා හඳුනා ගැනීම, ඒවා නිරාකරණය කිරීමට මැදිහත්වීම සහ අවශ්‍ය මූල්‍ය සහ නීතිමය යෙදවුම් ලබාදීම සඳහා මැදිහත්වීම ආදිය හඳුනා ගැනීම සඳහා පළමු කථිකාවෙන් යම් ප්‍රවේශයක් සැපයිණ. වැඩමුළුවේදී අපනයන ක්‍රියාවලිය සහ අපනයන මණ්ඩලයේ කාර්යභාය හා අපනයන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා රේගුව සතු කාර්යභාරය, අනතර්ජාතික වෙළඳාමේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය අපනයන හා ආයනයන කටයුතු සම්බන්ධ නිර්දේශ ලබාගැනීම, ශාක නිරෝධායන ක්‍රියාවලිය වැනි අපනයන ක්‍රියාවලි සහ සමගාමී වන විවිධ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ඒ ඒ අංශභාර ප්‍රධානීන් zoom තාක්ෂණය ඔස්සේ සහ සජීවීව කරුණු දැක්විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා සහ මධ්‍යම පළාත් සභාවේ සියළු අමාත්‍යාංශ ලේකම්වරු, REDA ආයතනයේ අධ්‍යක්ෂ සහ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්, නිලධාරීන් හා මෙහෙයුම් කමිටුව නියෝජනය කරන සියළු ආයතන ප්‍රධානීන් සහ ව්‍යවසායකයින් පිරිසක්ද එක්වූහ.