සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘දිරිය දිනන ළඳුන්’ සඳහා  සහස්උයනේදී අලෙවි අවස්ථාවක්.

‘දිරිය දිනන ළඳුන්’ සඳහා සහස්උයනේදී අලෙවි අවස්ථාවක්.

‘දිරිය දිනන ළඳුන්’ සඳහා සහස්උයනේදී අලෙවි අවස්ථාවක්. මධ්‍යම පළාතේ කාන්තා ව්‍යාවසායකයින් සඳහා වෙළඳපල අවස්ථා පුළුල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ‘දිරිය දිනන ළඳුන්’ තේමාවෙන් මහනුවර සහස් උයනේ දී (16) පැවැත්විණි. ඩිප්ලෝමාධාරි, වෘත්තීය පුහුණු මැහුම් උපදේශිකාවන් වන අනුලා රත්නායක මහත්මියගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන යටතේ පමුණුව ප්‍රදේශයේ ක්‍රියාත්මක නිමි ඇඳුම් වෙළඳපොල, මහනුවර සහස් උයන කේන්ද්‍රක ගනිමින් ආරම්භ කිරීම සිදු කෙරේ. මේ සඳහා මධ්‍යම පළාතේ ව්‍යාවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව සලස දීම සිදු කෙරේ. ඒ අනුව මෙම නිමි ඇඳුම් වෙළඳපළ එළඹෙන් 19 දින සිට ආරම්භ කරන අතර එය අළුයම 1.30 සිට ‍පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වේ. මේ සඳහා කාන්තාවන් සඳහා අවශ්‍ය මැහුම් පුහුණුව, ව්‍යවසායකත්ව දැනුම හා මගපෙන්වීම අනුලා රත්නායක මහත්මිය විසින් සිදු කර ඇත. මෙම ව්‍යාවසායක කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහ සදහා රාජ්‍ය නිලධාරින්, කාන්තා ව්‍යාවසායකයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook