
මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති සම්බන්ධයෙන් සාකච්ඡාවක්.
මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති සම්බන්ධයෙන් සාකච්ඡාවක්.
මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති හා සමිති ක්‍රියාත්මක ආකාරය හා අනාගත ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සමූපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (16) පැවත්විණි.
මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතේ සමූපකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතිවන සේවක, ඉඩම්, භාණ්ඩ සපයා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් සහ සමූපකාර ක්ෂේත්‍රයට වර්තමානයේ පවතින අභියෝග, යෝජනා, ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු කෙරිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින් මධ්‍යම පළාතේ සමූපකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස්වරයා සහ මධ්‍යම රජය සමග සකාච්ඡාකර අවශ්‍ය පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.
මෙහිදි සමූපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදය විසින් මධ්‍යම පළාතේ සමූපකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සංදේශයක් ද ඉදිරිපත් කිරීම සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා සමූපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදයේ සභාපති, කේ.ජී. අබේරත්න, ලේකම් සහ ලේකම් තුසිත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු සමාජිකයින් පිරිසක් එක් වූහ.