
මාතලේ දිස්ත්‍රක් පළාත් පාලන ආයතනගත සේවාවන් සමාලෝචනයට....
මාතලේ දිස්ත්‍රක් පළාත් පාලන ආයතනගත සේවාවන් සමාලෝචනයට....
මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහා නගර සභා රැස්වීම ශාලාවේදී (23) දින පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ උපදෙස් පරිදි පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණි.
මාතලේ සහ දඹුල්ල මහා නගර සභාව ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් කෙරෙහි අවධානය යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින් ජනතාවගේ සේවය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් ලෙස බැදීමක් පවතින බවත්, ඔවුනගේ ගැටළු සඳහා විසදුම් ලබාදීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවත්, තමාගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනාතාවගේ ගැටළු සඳහා හොඳින් ඇහුම්කන් දිමට කටයුතු කළ යුතු බව සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන වෙත බලපානු ලබන කෙටි හා දිගු කාලීන ගැටළු රැසක් කෙෙරහි මෙහිදි සාකච්ඡා කෙරිණි. එම ගැටළු සඳහා ප්‍රාදේශීය සභා, පළාත් සභා හා ජාතික යන මට්ටම් අනුව විසඳුම් ලබා ගැනීමට මෙහිදී තීරණය කරන ලදි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සමිත සපුතන්ත්‍රී මහතා, ඇතුළු නාගරික කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.