සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ නට්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සම‍ාලෝචනයට..

මධ්‍යම පළාතේ නට්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සම‍ාලෝචනයට.. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මධ්‍යම පළාත් රංග කලා එකමුතුවේ නියෝජිතයින් අතර සකච්ඡාවක්, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (24) පැවත්විණි. මෙම සකච්ඡාවේදී මධ්‍යම පළාතේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටළු සහ මධ්‍යම පළාත කේන්ද්‍රකර ගනිමින් නාට්‍ය අනුමණ්ඩලයක් ආරම්භ කිරිමට ඇති හැකියාව ආදී කරුණු ගණනාවක් සම්බන්ධ‍යෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී මධ්‍යම පළාත් රංග කලා එකමුතුවේ නියෝජිතයින් විසින් නාට්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධීය උදෙසා සකස් කළ යෝජනා ඇතුළත් සං‍දේශයක් ද ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලදි. මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් රංග කලා එකමුතුවේ සභාපති කමල් පී. අලහකෝන්, ලේකම් ලාල් අමරසිරි, කැඳවුම්කරු සඳුන් බණ්ඩාර, භාණ්ඩාගාරික සේනක අමියන්ගොඩ යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook