
ජන ගැටළු කතිකාවකට මාධ්‍යවේදීන් සමග හමුවක්.
ජන ගැටළු කතිකාවකට මාධ්‍යවේදීන් සමග හමුවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා හා පළාතේ මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවත්විණි.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් මධ්‍යම පළාත තුළ පවතින සංවර්ධන හා ජනතා ගැටළු සම්බන්ධයෙන් හා මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කරනු ලැබිය.
මෙහිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මාධ්‍යවේදීන් යොමු කළ සංවර්ධන හා ජනතා ගැටළු පිළිබඳව පුර්ණ අවධානය යොමු කරන බවත්, ඒ සදහා ලබා දිය හැකි ඉතා සාධනීය වූ පිළිතුරු ලබා දීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය. තවද විධිධ දුෂ්කරතා මධ්‍යයේ මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලබන සේවය ද ආණ්අඩුකාරවරයා ගේ ඇගයීමට ද ලක්විය.
මෙම සාකච්ඡාවට මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි තනූජ අබේසේකර, මධ්‍යම පළාත් මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත යන මහත්වරුන් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරනු ලබන මාධ්‍යවේදීන් පිරිස