
සහකම්පනයෙන් සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා "අනාගතය" මනෝ සමාජයේ සංස්කෘතික වැඩසටහනක්.
සහකම්පනයෙන් සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා "අනාගතය" මනෝ සමාජයේ සංස්කෘතික වැඩසටහන 2025 සමාරම්භය මහනුවර අධ්‍යාපන කලාපයේ, සීවලී මහා විද්‍යාලයේදී (10) පැවැත්විණී.
හැත්තෑහත් වන නිදහස් දිනයට සමගාමීව පාසල් හයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් ලෙස මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේ සම්පත් දායක ලෙස මනෝවිද්‍යාඥ, අභිප්‍රේරණ පිළිබඳ උපදේශක හා අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ඉසුරු සමරකෝන් මහතා කටයුතු කළේය.
වත්මන් සිසු දරුවන් ජංගම දුරකථනය, පරිගණක ක්‍රීඩා, ස්පර්ශීය තිරයන් වෙත ඇබ්බැහි වීම, විද්‍යුත් මාධ්‍ය අහිතකර බලපෑම, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ ඒ සදහා සහකම්පනයෙන් යුතු විසඳුම් ලබාදීම අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි. මීට සමගාමීව විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමටද සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා සීවලී මහා විද්‍යාලයේ විදුහල්පති ජි.ජි.ඩි.එස්.කේ ගීකියනගේ මහතා සහ ආචාර්යය මණ්ඩලය, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සිසු දරුවන්, දෙමාපියන්, පිරිසක් සහභාගීවූහ.