සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් 14 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි . 2025 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් පිළිබදව කරුණු සාකච්ජා කිරීම මෙහිදී සිදු වු අතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය , කෘෂිකර්මාන්තය , වාරීමාර්ග, අධ්‍යාපනය , ජල සම්පාදනය , විදුලිය , යන කරුණු පිළිබඳව වැඩි අවධානයක් මෙහිදි යොමුකරන ලදී. එසේම වන සතුන්ගෙන් වන වගා හානියට පිලියම් ලෙසින් දැනට සිදුකර ඇති ව්‍යාපෘතියේ ඇතුලත් කරුණු පිළිබදව දැනුවත් කිරීම , අකුරණ පිගාඔය ආශ්‍රිතව කාලීනව සිදුවන ජල ගැලීම් පාලනය කිරීම වෙනුවෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග, නගර සංවර්ධන ව්‍යාපෘතිය හා නගරයේ සිටින යාචක ප්‍රජාවගේ ගැටලුව ,රෝහල් සත්කාරක සේවා වැඩිදියුණු කිරීම ඇතුළු කාලින ජනතා ගැටළු රැසක් මෙහිදී සාකච්ජාවට ගනු ලැබු අතර ඒ ඒ ගැටළු සදහා අදාළ ආයතන මැදිහත්ව කටයුතු කරන ලෙස දන්වන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook