
"නාගරික ආයුර්වේද ශත සංවත්සර වැඩසටහන” මහනුවරදී.
"නාගරික ආයුර්වේද ශත සංවත්සර වැඩසටහන” මහනුවරදී.
ශ්‍රී ලංකා පළාත් පාලන ඉතිහාසයේ පළමු නාගරික ආයුර්වේද වෛද්‍ය සේවාව ආරම්භ කරන ලද මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “නාගරික ආයුර්වේද ශත සංවත්සර වැඩසටහන” මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19දින මහනුවර කරළිය රංග ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණ.
1925 පෙබරවාරි 19 දින ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස ආරම්භ කොට ඇති දොර්තමේන්තුවේ කටුකැලේ බෙහෙත් ශාලාව ඒවකට ප්‍රචලිතවී ඇත්තේ පිංබෙහෙත් ශාලාව ලෙසය. මෙම ශත සංවත්තර සැමරුමට සමගාමීව වැඩසටහන් රැසක් මහනුවර මහ නගර සභාව මගින් සංවිධානය කොට පැවතුණි.
ආයුර්වේද ඉතිහාසය විදහා දැක්වෙන ලෙස සංවිධානය කර පැවති “සියවසක අභිමානය” ආයුර්වේද ප්‍රදර්ශනය මෙහි ප්‍රධාන අංගයක් විය. මෙහිදී ආයුර්වේදයට භාවිත උපකරණ, පැරණි ඡායාරූප , ඖෂධ පැළෑටි වර්ග ,ආයුර්වේද කෘතිය හා පුස්කොළ පොත්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන් හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයන් පිළිබඳව කරුණු ඇතුළත් ව පැවති අතර බෝ නොවන රෝග වැළැක්වීම, දේශීය ආහාර හා පෝෂණය, ආතති කළමනාකරණය යන කාලීන තේමාවන් පිළිබඳව ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ දේශන රැසකින්ද මෙම වැඩසටහන සමන්විත විය.
වසර සියයක් සපිරෙන මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවාවන් මේ වන විට පුළුල් කරමින් ආයුර්වේද මධ්‍යස්ථාන 11ක්, නිෂ්පාදනාගාරයක් හා පංච කර්ම මධ්‍යස්ථානයක් ලෙසින් නාගරික බල ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී ඇත.
වැඩසටහනේ සමාරම්භය සදහා මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබිදීන් , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දීලිපා රූපානි පියදාස, පළාත් පාලන කොමසාරිස් චමිලා අතුපත්තු, නාගරික ලේකමි ගීතානි උපේන්ද්‍රිකා ඒකනායක, ප්‍රධාන නාගරික ආයූර්වේද වෛද්‍ය නිලධාරී ඩී.ඒමි.ඩී.ටී.කේ . දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.