‘කවි සිතම දම් පාටයි’ කාව්‍ය සංග්‍රහය රසිකයා අතට පත් කෙරේ
රාජ්‍ය පරිපාලන සේවයේ දිගු ගමනක් පැමිණ වර්තමානයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් ධුරය දරන නිලූෂා මනෝරත්න මහත්මිය විසින් රචනා කරන ලද කුළුඳුල් කාව්‍ය සංග්‍රහය - ‘කවි සිතම දම් පාටයි’ , (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී රසික ජනයා අතට පත් කෙරිණි.
මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ පැවැත්වුණු මේ සෞන්දර්යාත්මක හෝරා කිහිපයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා එක්ව සිටියේ ය. ඒ සමඟ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහපොල ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ද ,මහනුවර ප්‍රදේශයේ සාහිත්‍ය කාමීහුද, ලේඛකයන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
උළෙලේ ප්‍රමුඛ දෙසුම ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙනි. ප්‍රවීණ කිවිඳියන් වන සුහර්ශනී ධර්මරත්න හා අනුරාධා නිල්මිණි ද ‘කවි සිතම දම් පාටයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ ව අදහස් දැක්වූහ.