සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක්

පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක්

පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක් පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය කටයුතු සංවිධානය කරයි. ජාතික චිත්‍රපට සංස්ථාව , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධව මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඒ අනුව සියලු ප්‍රජාවට ඉතා සමීප වින්දනීය හා සන්නිවේදන ඉසව්වක් තුළින් පාරිසර සාධකය පදනම් කර ගනිමින් පාරිසරික චිත්‍රපට උළෙලක් , පාරිසරික කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ එම වැඩසටහන පිළිබදව මූලික සාකච්ඡාවක් 05දින මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ දී පැවති අවස්ථාවේදී ය. ජාතික චිත්‍රපට සංස්ථාව , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වර්ෂයේදී චිත්‍රපට උළෙල පැවැත්වීමට ද නියමිතය. මෙම පාරිසරික චිත්‍රපට උළෙල කොළඹ සහ මහනුවරදීත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේදීත් පැවැත්වීමට යෝජිත වූ අතර මීට සමගාමීව චිත්‍රපටකරණය සම්බන්ධ වැඩ මුළුවක් චිත්‍රපට සංස්ථාවේ මූලිකත්වයෙන් සිදුකිරීමට ද මෙහිදී තීරණය විය. විශේෂයෙන්ම පැරණි චිත්‍රපට පෝස්ටර් කලාව ( චිත්‍ර මාධ්‍ය) නව තාක්ෂණය හා මුසුකරමින් නිර්මාණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කළ අතර , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය සමග සම්බන්ධ වී පෝස්ටර් තරගාවලියක් පැවැත්වීමට ද තීරණය කරන ලදී. ලංකාවේ සියලුම නිර්මාණකරුවන්ට සහභාගී විය හැකි ආකාරයට තරගාවලිය වඩා විදිමත්ව පැවැත්වීමට මෙහිදී තීරණ රැසක් ගනු ලැබිය. මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජාතික චිත්‍රපට සංස්ථාව හා සිනමා ක්ෂත්‍රයට සම්බන්ධ ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook