සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංගමය මගින් හත්වන වරටත් සංවිධානය කරන ලද මෙම තරගාවලිය දෙදිනක් පුරා පැවැත් වූ අතර විවෘත තරඟ අංශය, වයස අවුරුදු 40 න් පහළ සහ 50 න් ඉහළ පිරිමි සහ කාන්තා විවෘත යන අංශය වශයෙන් කාණ්ඩ හතරක් යටතේ තරග සංවිධානය කොට පැවතුනි. ජයග්‍රාහකයින් සදහා ශුරතා කුසලාන සමගින් මුදල් ත්‍යාග ද පිරිනැමීම සිදුකරන ලදී. මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook