
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී අද දින (26) පැවැත්විණ. මෙහිදී දිස්ත්‍රික්කය තුළ පොදුජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේ දී කාලිනව පැනනැගී පවතින ගැටළු සාකච්ජාවට බදුන් කරනු ලැබූ අතර ඒ සදහා වගකිවයුතු ආයතනය වෙත කඩිනමින් එම ගැටළු විසදීමට උපදෙස් ලබාදීම සිදුවිය. එසේම මාර්ග සංවර්ධනය , අධ්‍යාපනය , ජල සම්පාදනය , සෞබ්‍යය , වාරිමාර්ග , කෘෂිකර්මාන්තය , ග්‍රාමීය කර්මාන්ත අංශය , ප්‍රවාහන කටයුතු , නිවාස , දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව මෙහිදී සාකච්ජා කරන ලද අතර , කාලීනව ව්‍යාප්ත වන ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සදහා මෙහිදී කඩිනම් වැඩපිළිවෙලක් දිස්ත්‍රික්කයේ අවධානම් සහිත ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමටද තීරණය කරන ලදී. ඒ අනුව ඩෙංගු මර්දනය සදහා මාස තුනක වැඩසටහනක් දියත් කිරීමට තීරණය විය. අනවසර ඉදිකිරිම් නැවත්වීම සදහා නිතිය තදින්ම ක්‍රියාත්මක කිරීම කාලින අවශ්‍යතාවයක් බව මෙහිදී ආණ්ඩුකාරවර මහාචාර්ය අභයකෝන් මහතා පැවසිය. දැනට පවතින නීතියේ බලාත්මක බව අඩුකම නිසා අනවසර ඉදිකිරීම් සෑම ප්‍රදේශයකම පවතිනවා. ඒ නිසා අදාළ ආයතන කඩිනමින් මේ සදහා මැදිහත්ව කටයුතු කරන ලෙස දන්වන ලදී. මහනුවර දිස්ත්‍රික්කය සදහා සෞබ්‍යය ක්ෂේත්‍රයේ නව වැඩසටහනක් හදුන්වාදෙමින් විශේෂඥ වෛද්‍ය සේවාව ග්‍රාමීය රෝහල්වෙත ගෙනයාමට කටයුතු යොදා ඇති බව සෞබ්‍යය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී පැවසිය. එම සේවාවන් නියමු ව්‍යාපෘතියක් ලෙස මසකට වරක් ග්‍රාමීය රෝහල්වෙත ලබාදීමට මේ වනවිට කටයුතු සුදානම් කොට ඇති බවත් , ඒ අනුව මෙම නව ප්‍රවේශය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසිය.
මෙම අවස්ථාව සදහා සෞබ්‍යය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි , ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.