සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කමිටුව රැස්වෙයි.

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කමිටුව රැස්වෙයි.

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කමිටු එහි සභාපති බුද්ධ ශාසන,අගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 27 දින මාතලේ දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විණ. මාතලේ දිස්ත්‍රික්කයේ පවතින වතු ප්‍රජාවගේ ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් ඉන්දියන් ආධාර යටතේ නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් , එමගින් සමස්ත නිවාස 91 ඉදිකිරීමට කටයුතු යොදා පවතින බව කමිටුව වෙත දන්වන ලදි. දිස්ත්‍රික්කයේ පවතින ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති හැට තුනක් මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ එකොළහ තුළ මෙය ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා මිලියන පන්සියයක් වෙන්කොට ඇති බවත් කරුණු අනාවරණය විය.මෙම වසරේ රජයේ ප්‍රමුඛතම ඉලක්කය සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවමින් මෙරටට වැඩි විදේශිකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම වන බැවින් ඇල්කඩුව වතුයායේ පවතින සෙම්බුවත්ත ඒ සඳහා සංවර්ධනය කිරීමට නියමිත බවත් , ඒ සඳහා ප්‍රවේශ වන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සැකසීම අත්‍යවශ්‍ය බව මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දෙන ලදී. එසේම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ දඹුල්ල කීරගොල්ල රක්ෂිතය ආශ්‍රිතව විධිමත් සංචාරක සේවා පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කොට ඇති බවත් එය මෙම වර්ෂය තුළ අවසන් කිරීමට යෝජිත බවත් කරුණු දක්වන ලදී. මෙහිදී මාර්ග සංවර්ධනය , අධ්‍යාපනය , ජල සම්පාදනය , සෞබ්‍යය , වාරිමාර්ග , කෘෂිකර්මාන්තය , කර්මාන්ත , ප්‍රවාහන කටයුතු , නිවාස සංවර්ධනය, කසල කළමනාකරණය, ආයුර්වේදය, ඇතුළු දිස්ත්‍රික්කයේ පොදුජන අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් අංශ රැසක් යටතේ කරුණු සාකච්ජා කරන ලද අතර අදාළ ගැටළු විසදීම සඳහා උපදෙස් ලබාදීම ද සිදුවිය. මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්වල,රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන්,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook