සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මැදරට  ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරිමට පියවර.

මැදරට ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරිමට පියවර.

මැදරට ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරිමට පියවර. මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට (Online) ලියා පදිංචී කිරීම සම්බන්ධ‍යෙන් සකස් කර ඇති වැඩසටහන පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් (28) දින පැවැත්විණි. මෙහිදි මධ්‍යම පළාතේ දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචී කිරීම සිදු කිරීමට පියවරගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉඩම් ඔප්පු ලියාදපදිංචි කිරීමේ කටයුතු සිදු කරනු ලබන නීතීඥ මහතුන් සහ නොතාරිස් මහත්වරුන් දැනුවත් කිරීමට මේ වන විට මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් පියවර‍ ගෙන ඇත. මෙම මාර්ගගත වැඩසටහන හරහා ඉඩම් ලියා පදිංචි කිරීමේදි නියමිත මුද්දර ගාස්තු ගෙවීම, අදාළ ඉඩම් ඔප්පු ලියාදපදිංචි කිරීමේ තොරතුරු කඩිනමින් ගෙන්වා ගැනීම සහ වාර්තා ගත කර ගැනීම, ‍ඉඩම් ඔප්පු ලියාදපදිංචි කිරීමේ දී දැනට සිදුවන වංචා හා දුෂණ අවම කර ගැනීම අපේක්ෂා කෙරේ. මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මෙම වැඩසටහන අගය කළ යුතු කටයුත්තක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙහිදි සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් කොමසාරිස් චමිල සුගතදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook