ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනයට සමගාමිව කොඩි අලෙවි කිරීමේ වැඩසටහනක්.
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනයට සමගාමිව කොඩි අලෙවි කිරීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ “සවිබලයෙන් රට දිනවන්න-මත් රැහැනෙන් ඔබ මිදෙන්න” යන තේමාව යටතේ මැයි 31 වන දිනයට යෙදි ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනයට සමගාමිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන වැඩසටහන් රාශියක් නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධනය කර තිබිණ.
ඒ අනුව දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි කිරිම සහ විකිණීමේ සමාරම්භක උත්සවය පසුගියදා දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
