සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් පාරිසරික කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගාවලිය සහ පාරිසරික චිත්‍රපට උළෙ 2025

මධ්‍යම පළාත් පාරිසරික කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගාවලිය සහ පාරිසරික චිත්‍රපට උළෙ 2025

මධ්‍යම පළාත් පාරිසරික කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගාවලිය සහ පාරිසරික චිත්‍රපට උළෙ 2025 මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය ඒකාබද්ධ වී සංවිධානය කරනු ලබන පාරිසරික කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගාවලිය සහ පාරිසරික චිත්‍රපට උළෙලේ ඉදිරි කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේදී පසුගියදා (11) පැවැත්විණි.මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කරනු ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන සරත් ධර්මසිරි,මොහාන් නියාස්, අජිත් පී. ධර්මසූරිය, ප්‍රවීණ චිත්‍රපට විචාරක තුසිත ජයසුන්දර සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහත්වරුන් විසිනි.තරඟයට අදාළ තරග කොන්දේසි හා නීතිරීති චිත්‍රපට තරගාවලිය පැවැත්වෙන ආකාරය හා චිත්‍රපට උළෙල පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක්කෙරිණි.තරගකරුවන් ලියාපදිංචිය ඉදිරියේදි සිදු කරන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සහ තෝරාගත් ස්ථානවලදී චිත්‍රපට සංස්ථාව මගින් චිත්‍රපට කරණය හා වාර්තා චිත්‍රපටකරණය සම්බන්ධ වැඩමුළු ද පැවැත්වීමට අපේක්ෂා කෙරේ.මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක දිලානි කරුණාරත්න මහත්මිය සහ A pictures ආයතනයේ සභාපති අතුල ජයසුන්දර මහතා ද සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චමින්ද අබේරත්න මහතා ඇතුළු පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook