සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

'නව පිවිසුම' සඟරාව දොරට වඩි.

'නව පිවිසුම' සඟරාව දොරට වඩි.

නව පිවිසුම සඟරාව දොරට වඩී...

 

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමූපකාරිකයින්ගේ සහය දැක්වීමක් ලෙසත්, ජාතික කියවීමේ මාසය සැමරීමත් මුල් කරගනිමින් "නව පිවිසුම- සමූපකාර දැනුම සංග්‍රහය" සඟරාව දොරට වැඩීමේ උත්සවය අද (25) පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හා උඩරට උරුමයන් සුරැකීම පිළිබඳ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති එච්. එම්.ඩී.ආර්. හේරත් මහතා දේශීය දැනුම භාවිතයෙන් ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීය.දේශීය ආහාර විවිධාංගීකරණය, ලෙඩ රෝගවලින් ආරක්ෂාවීම සදහා දේශීය ආහාර භාවිතයේ වැදගත්කම පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ගම්පහ දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති හා ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද තිස්ස මහතා ඉගෙනුම් ක්‍රියාවලිය සදහා වාරික ප්‍රකාශනයන්ගේ දායකත්වය පිළිබඳ දේශනයක් පැවැත්විණ. සහභාගිත්ව හා සාකච්ඡාමය ස්වරූපයෙන් පැවැති මෙම අවස්ථාවට ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුස්තකාලයාධිපති හා නව පිවිසුම සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධම්මික වීරකෝන්, සංස්කෘතික,පළාත් පාලන හා  මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්  නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook