සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී  ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන  අමාත්‍යාංශයෙන් පුහුණුවක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පුහුණුවක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පුහුණු කටයුතු ආරම්භ කිරීම පසුගියදා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදු කරන ලද අතර එම පුහුණුවට අදාලව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබදව පුහුණුව හා දැනුම ලබාදීමේ කටයුතු අද දින (02) ආරම්භ කරන ලදී. මෙහිදී ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබදව හදුන්වාදීම, පරිපාලන ක්‍රියාවලිය , ගිණුම් කටයුතු පිළිබදව හා ගණකාධිකාරිවරයෙකුගේ කාර්යභාරය , ප්‍රාග්ධන වැඩසටහන් වලට අදාළ රාජකාරි කටයුතු , ගිණුම් හා ගෙවීම් කටයුතු පිළිබදව දැනුම ලබාදීම සිදු විය. මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook