සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පළාත් පාලන ආයතනයන් සදහා අභිනවයෙන් තේරී පත්වූ මහජන නියෝජිතවරුන් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩසටහනක්

පළාත් පාලන ආයතනයන් සදහා අභිනවයෙන් තේරී පත්වූ මහජන නියෝජිතවරුන් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩසටහනක්

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් සදහා අභිනවයෙන් තේරී පත්වූ මහජන නියෝජිතවරුන් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩසටහනක් (05) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන රජයේ ගමන් මගට වැඩි දායකත්වයක් පළාත් පාලන ආයතන මගින් ලබාදෙන අතර එම ක්‍රියාවලිය විදිමත් කිරීම වෙනුවෙන් එම ආයතන සදහා තේරී මහජන නියෝජිතයින් සදහා අවශ්‍ය දැනුම ලබාදීම මෙහිදී සිදුවිය. ඒ අනුව නගරාධිපතිවරුන් , උප නගරාධිපතිවරුන් , සභාපතිවරුන් , උප සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් 600 අදික පිරිසක් මේ සදහා සහභාගී වු අතර මෙහිදී පළාත් පාලන ආයතනවල කටයුතු හා නීතිමය පසුබිම පිළිබදව දැනුවත් කිරීම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන නීති නිලධාරි පාලිත අභයවර්ධන මහතා විසින සිදු කරන ලදී. විගනකාධිපතිවරයාගේ කාර්යභාරය හා පළාත් පලාන කටයතු පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපතිවරුන් වන පි.පි.පුෂ්පකුමාර හා එච්.ඒ.ආනන්ද මහත්වරුන් විසින් ද , ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබදව දැනුම ලබාදීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩබ්.කේ.ජි.ආර්.බණ්ඩාර මහතා විසින් සිදු කරන ලද අතර, පළාත් පාලන ක්‍රමයේ විකාශනය , පළාත් සභාවේ හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම පළාත් පාලන සහකාර කොමසාරින් (විශ්‍රාමික ) එච්.එම්.එස්.හේරත් මහතා විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ උපදෙස් මත පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ආර්.තිලකේෂ්වරී, සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook