සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

"මහනුවර නගරය ආලෝකමත් කරමු" රාත්‍රී වෙළඳපොලක්

"මහනුවර නගරය ආලෝකමත් කරමු" රාත්‍රී වෙළඳපොලක්

"මහනුවර නගරය ආලෝකමත් කරමු" රාත්‍රී වෙළඳපොලක් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) විසින් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොලක් (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ තේමා‍වෙන් අගෝස්තු මස 16 දින මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (13) දින පැවැත්විණි.මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි අගොස්තු මස 16, 23 ,30 සහ සැප්තැම්බර් 06 යන දිනවල රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ. ‍මධ්‍යම පළාත් සභාව, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, ප්‍රවාහන අංශ ඇතුලු ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.මහනුවර පැමිණෙන විදේශීය සංචාරකයන් තවත් එක් දිනයක් මහනුවර රඳවා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ බව ද විදේශීය සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කොට ඇති බවත් මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පැවසීය.ඉහළ ප්‍රමිතියෙන් යුක්තව සකස් කළ දේශීය ආහාර, ක්‍රීඩා අංග, හස්ත කර්මාන්ත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන හා අලෙවි සැල් ඇතුළත් ප්‍රදර්ශන කුටි පනහක් පමණ ද, සංගීත ප්‍රසංග සහ නගරයට පැමිණෙන ජනතාව සඳහා මධ්‍යම රාත්‍රිය තෙක් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආදිය ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ආණ්ඩුකාරවරයා ‍වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින් ඇතුළු නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook