සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

103 වන ජාත්‍යන්තර සමූපකාර දිනට සමගාමී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය

103 වන ජාත්‍යන්තර සමූපකාර දිනට සමගාමී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය

103 වන ජාත්‍යන්තර සමූපකාර දිනට සමගාමී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය 103 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමිව, මධ්‍යම පළාත් සමූපකාර සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී (19) පැවැත්විණි.මෙම උළෙලට සමගාමීව සමූපකාර සමිතිවල සාමාජිකයින් අභිප්‍රේරණය කිරීම සඳහා ක්‍රීඩා තරගාවලියක් ද සංවිධානය කර තිබිණි. එම තරග සඳහා සහභාගී වී ජයග්‍රහණ හිමිකරගත් සමූපකාර සමිති ඇගයීම ද මෙහිදි සිදු කෙරිණි. එමෙන්ම ‘කෝප්ස්ටාර්’ ගායන තරගාවලියේ ජයග්‍රාහකයින්ගේ ගීත ඉදිරිපත් කිරීමට ද අවස්ථා සළසා දී තිබිණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.සමූපකාර ව්‍යාපාරය ලෝකයේ උසස්ම ව්‍යාපාරයක් බවත් මේ සඳහා එක්වී ඇති පිරිස පරාර්ථකාමි පිරිසක් බවත්, ඔවුන් එක්ව ජනතා සුබ සිද්ධිය සහ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන පිරිසක් බවත් සඳහන් ක‍ළේය.සමූපකාර සමිතිවලින් දැනට ඉටුකරනු ලබන කාර්යයට අමතරව තම සමිතියේ ප්‍රතිලාභින් සඳහා සාහිත්‍ය, සංගීතය, කලාව සහ ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ ඔසවා ලබා ලෙන ලෙස ද මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඉල්ලීමක් කළේය.පළාත් සමුපකාර කොමසාරිස් එම්.පී.ඩබ්ලිව්. ශිරෝමණි මහත්මයගේ මෙහෙයවීම යටතේ මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව, පළාතේ සමූපාකාර සමිතිවල සහාය ඇතිව සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ සභාපති එච්.එම්.පී. පුංචිබණ්ඩා යන මහත්ම මහත්මින් ඇතුළු සමුපකාර කෂේත්‍රයට අනුබද්ධිත ආයතන ප්‍රධානින් සහ මහනුවර, මාතලේ, නුවරඑලිය දිස්ත්‍රික් නියෝජනය කරමින් සමුපකාර සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සාමාන්‍යධිකාරිවරුන් සහ සේවක සේවිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook