සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවයි

මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවයි

මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවයි කර්මාන්ත නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමිව රජයේ ව්‍යාවසාය සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ මාතලේ දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවීම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතලේ දී සිදු කෙරින. ව්‍යවසායකත්වය සඳහා දායකත්වය දක්වන සියලු ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගුණාත්මක හා කාර්යක්ෂම ආයතනික සහයක් ලබාදීම මෙන්ම ආයතන අතර තිරස් හා සිරස් ආයතන බැදීමක් ඇති කිරීම වෙනුවෙන් මෙම සභාව පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තවල කුසලතා, ධාරිතාව සහ සම්පත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, අවශ්‍ය තාක්ෂණික සේවාව සැපයීම, දිරිමත් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගැනීම, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහය වීම, ගෝලීය සහ දේශීය වටිනාකම් දාමයක් සඳහා තිරසාර හවුල්කාරීත්වයක් ඇති කිරීමට පහසුකම් සැපයීම, ඵලදායිතාවය සහ ගුණාත්මක බව වර්ධනයට පියවර ගැනීම,අලෙවිකරණ අවස්ථා වැඩි කිරීම, ඩිජිටල්කරණය හා නවෝත්පාදන සඳහා යොමු කිරීම ආදී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක ,අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook