සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ මැයෙන් හා ‘සංවර්ධිත රටක් බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවන්න’ තේමාවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ දමිළ මාධ්‍ය වැඩසටහන අද (25) වන දින මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හා මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබු අතර අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ කේ.බි. රාජපක්ෂ හා මහ අධිකරණ විනිසුරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන මහත්වරුන් මාර්ගගත ක්‍රමයෙන් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම සිදු කරන ලදි.මෙම අවස්ථාවවට මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්, අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර,සහාකාර අධ්‍යක්ෂක නීති එස්.එම්. සබ්රි මධ්‍යම පළාත් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ ලේකම් ඉශාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook