සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (30) දින පැවැත්විණි.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටූ ප්‍රතිසංවිධානය කිරීම යටතේ ස්වදේශ කටයුතු චක්‍රලේඛ 03/2025 අනුව මාස තුනකට වරක් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වීම, දිස්‍ත්‍රික් සැලසුම් කමිටුව, මිල කමිටුව ආදි අනු කමිටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.මෙම වසරේ ක්‍රියාත්මක කෙරෙන පළාත් සභා ප්‍රතිපාදන, විමධ්‍යගත අයවැය, වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය, ආපදා වතු නිවාස ව්‍යාපෘති, ජීවනෝපාය සංවර්ධන, සංචාරක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග සංවර්ධනය යන වැඩසටහන් සම්බන්ධ මේ දක්වා ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරිණි.වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන, ක්ලීන් ශ්‍රී ජාතික වැඩසටහනට සමගාමිව දිස්ත්‍රික්කයේ තෝරාගත් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම,නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල තීරණය කිරීම හා ගොවීන් මුහුණ දෙන ගැටළු, නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත පවතින ගැටළු සම්බන්ධයෙන් ද දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටළුව සඳහා විසදුම් ලබා ගැනීම, පොදු ප්‍රවාහනය සහ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් යන මහත්ම, මහත්මින් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook