සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ මහාදිසාවේ උප ප්‍රධාන සංඝනායක සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

මාතලේ මහාදිසාවේ උප ප්‍රධාන සංඝනායක සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ‘මාතලේ මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක’ පදවියෙන් හා ‘ධර්ම කීර්තී ශ්‍රී සුමන සරණංකර’ යන ගෞරව නාමය පිදුම්ලද පූජ්‍ය පාලාවත්තේ සෝණුත්තර හිමියන් වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීම උත්සවය මාත‍ලේ, පල්ලේපොල, ඇහැලේපොල, ශ්‍රී විජයසුන්දර මන්තින්දාරාම විහාරස්ථානයේදී (02) පැවැත්විණි.මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහා නාහිමියන්ගේ මුලසුන හෙබ වූ මෙම උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බි.එස් අභයකෝන්, බුද්ධ ශාසන, අගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්ව‍රුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදි සංවිධානය කළ විශේෂ පෙරහැරකින් වැඩම කළ පූජ්‍ය පාලාවත්තේ සෝණුත්තර හිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් සිදු කෙරුණු අතර, විජිනිපත පිළිගැන්වීම ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බි.එස්.අභයකෝන් මහතා හා බුද්ධ ශාසන, අගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් විසින් අනෙකුත් ප්‍රසාද පුජා පිරිනැමීම කිරීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක, ප්‍රදේශීය ‍ලේකම් චාන්දනී ඒකනායක, යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසින් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook