මහනුවර අධ්‍යාපන කලාපයේ පාතහේවාහැට සහ ගඟවට කොට්ඨාශයන්හි පාසල් වල සංවර්ධන කටයුතු, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය සහ පාරිසරික ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
මහනුවර අධ්‍යාපන කලාපයේ පාතහේවාහැට සහ ගඟවට කොට්ඨාශයන්හි පාසල් වල සංවර්ධන කටයුතු, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය සහ පාරිසරික ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
මහනුවර අධ්‍යාපන කලාපයේ පාතහේවාහැට සහ ගඟවට කොට්ඨාශයන්හි විදුහල්පතිවරුන්, පාසල් වල සංවර්ධන කටයුතු, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය සහ පාරිසරික ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය (16/17) දෙදින පැවැත්විණි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ යන මහත්මීන් ඇතුළු මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ද, විදුහල්පතිවරුන්, ගුරු සංගම් නියෝජිතයින් ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.