සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

"නිකසල පුරවර නියමු හරසර" මහනුවර දී

"නිකසල පුරවර නියමු හරසර" මහනුවර දී

"නිකසල පුරවර නියමු හරසර" මහනුවර දී "නිකසල පුරවර නියමු හරසර" තේමාව යටතේ පළාත් පාලන ආයතනව සේවකයන් වෙනුවෙන් පැවැත්වූ විචිත්‍ර ප්‍රසංගික පෙළහර හා ඇගයීම් වැඩසටහන පසුගියදා මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගිය දා (30) පැවැත්විණි.මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත නවයාලතැන්න, පළාත් පාලන ය සම්පත් මධ්‍යස්ථානය, මහනුවර මහ නගර සභාව හා එක් වැඩසටහන සංවිධානය කර තිබිණි.මහනුවර දිස්ත්‍රික්කය පාළාත් පාලන ආයතන 22ක අතිශය වැදගත් අත්‍යාවශ්‍ය රාජකාරීයක නිරත මෙම කණ්ඩායම තුළ ධනාත්මක ආකල්ප වර්ධනය, චිත්තවෙිග කළමනාකරණය, සාමූහික කණ්ඩායමක් ලෙස චැඩකිරීමට සාමාජිකයින් තුළ කැමැත්ත හා උනන්දුව ඇති කිරීම, මානසික ශක්තිය උද්දීපනය හා අගය කිරීම, සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීම අරමුණු ඇතිව වැඩසටහන පැවත්විය.මහනුවර මහා නගර සභාවෙි නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර මහානගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශ ප්‍රධානී යාන්ත්‍රික ඉංජිනේරු නාමල් ධමිමික දිසානායක නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ආර්. තිලකේෂ්වරී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook