ඖෂධ වගාකිරීමේ මැදරට වැඩසටහන පාතදුම්බරින් ඇරඹේ
ඖෂධ වගාකිරීමේ මැදරට වැඩසටහන පාතදුම්බරින් ඇරඹේ
මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වාණිජ වශයෙන් ඖෂධ වගා කිරීමේ ව්‍යාපෘතියට අදාළව ඖෂධ වගා කිරීමේ සමාරම්භක වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තේගම, රෝයල් කිංග්ඩම්, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී (11) දින පැවැත්විණි.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ "ඔසු සවිය" ජාතික වැඩසටහන සමග ඒ්කාබද්ධව, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ හා එක්ව, පාතදුම්බර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පාතදුම්බර ආයුර්වේද සංරක්ෂණ සභාව මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා විසින් මෙහිදි සුදු හඳුන් පැලයක් රෝපණය කිරීම සිදු කෙරුණ අතර විහරස්ථාන පරීශ්‍රයේ අක්කරයක පමණ භූමි භාගයක ඖෂධ රෝපණය සිදු කිරීම ආම්බ කෙරණි. මෙම වැඩසටහන පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී මධ්‍යම පළාත පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය දැක්වෙන නාමපුවරු සහ රෝගීන් ලියා පදිංචි කිරීමේ ලේඛණ පිරිනැමීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මල්ලැහැවේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, වත්තේගම නගර සභාවේ සභාපති ඩී.එස්. උයන්ගොඩ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් සිරිල් වික්‍රමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහ පාරම්පරික වෛද්‍යවරුන් සහ ගම්වාසීන් පිරිසක් එක්වූහ.
