මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ (KWBC) නිල ලාංඡනය එළිදැක්වේ.
මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ (KWBC) නිල ලාංඡනය එළිදැක්වේ.
මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ (KWBC) නිල ලාංඡනය එළිදැක්වීම හා එම සමිතියේ තිරසාව පැවැත්ම වෙනුවෙන් බාහිර පාර්ශව වෙත හඳුන්වාදීමේ වැඩසටහන ගන්නෝරුව, පැලෑටි ජාන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (20) දින පැවැත්විණී.මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය තිරසර සංවර්ධන ආයතනය (IRSD) එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.ලෝක ව්‍යවසායක කාන්තා දින සැමරුමට සමගාමීව සංවිධානය කර තිබු මෙම වැඩසටහනට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් දැනුවත් කිරීම දේශන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තත්ත්ව පාලන සහතිකකරණ අංශයේ අධ්‍යක්ෂ තරංගා රූපසිංහ මහත්මිය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් මහතා විසින් සිදු කරන ලදි
මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ, සමිති සාමාජිකයින් සඳහා නිල සාමාජික හැඳුනුම්පත් ලබා දීමත් මෙහිදි සිදු කෙරිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත හා සමූපකාර අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්.පී.ඩබ්. ශිරෝමණී, ග්‍රාමීය තිරසර සංවර්ධන ආයතනයේ (IRSD) සභාපති ශිරාණි වීරකෝන්, මහනුවර කාන්තාවන්ගේ සමූපකාර සමිතියේ සභාපති කෝසලා හේරත් යන මහත්මීන් ඇතුළු සමිති සාමාජිකයින්, වාණිජ මාණ්ඩල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වූහ.
