ආපදා සහ සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
ආපදා සහ සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණය සහ සහන සැලසීම සම්බන්ධයෙන් සංවිධානය කරන ලද විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (17) දින පැවැත්විණි.දිස්ත්‍රික්කය තුළ අවතැන් වු ජනතාවගේ ජන ජීවත සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය මෙ සාකච්චාවේදී අවධානය යොමු කෙරිණි.ඒ යටතේ සුරක්ෂා මධ්‍යස්ථාන, පොදු හා සනීපාරක්ෂක කටයුතු, නැවත පදිංචි කිරීම, ඉඩම්, රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැගිලි අත්පත් කර ගැනීම, මාර්ග ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෂිකර්ම හා සත්ත්ව පාලනය, ජල හා විදුලිය පහසුකම් ලබා දීම සහා අවතැන් ජනතාව සඏඳහා දීමනා ගෙවීම සහ සහන ලබා දීම යන කරණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇති ‘සහන යාත්‍රා’ (sahanayathara.org) ආපදා වාර්තාකරණ වැඩසටහන සම්බන්ධයෙන් ද පැමිණ සිටි පිරිස දැනුම්වත් කිරීම සිදුවිණි.ආපදා තත්ත්වය යටතේ හානියට සහ අවදානමට ලක්වූ දුම්රිය හා මහා මාර්ග සහ නිවාස සඳහා වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ (IGSL), පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතනවලි සහාය ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද මීට සමගාමීව පවැත්විණි.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ජගත් මනුවර්ණ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වුහ.
