මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර සය සංවිධානය අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර සය සංවිධානය අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර සය සංවිධානය (6Y) සමග සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (20) පැවැත්විණී.මෙම සාකච්ඡාව සදහා මහනුවර සය සංවිධානය (6Y) නියෝජනය කරමින් එහි සංගම් අටක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර මහනුවර තරුණ බෞද්ධ හා කාන්තා, තරුණ හින්දු හා කාන්තා, තරුණ ක්‍රිස්තියානි හා කාන්තා සහ තරුණ මුස්ලිම් හා කාන්තා මිට ඇතුලත් විය.එහිදි මහනුවර සය සංවිධානය විසින් වසර හතළිස් පහක් පුරා සිදු කරන ලද සේවාවන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු කරන ලදී. එමෙන්ම එම සංවිධානය විසින් 2026 වර්ෂය සඳහා නිර්මාණය කළ වාර්ෂික දින දර්ශනය ද ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මහනුවර සය සංවිධානයේ සභාපති වී. සුබ්රමනියම්, ලේකම් ඉෂාර ඒකනායක, භාණ්ඩාගාරික එස්. අරුණාසලම් යන මහත්වරු ඇතුළු සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
