සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වලල නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට වලල විදුහලෙන් උපහාර

වලල නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට වලල විදුහලෙන් උපහාර

වලල නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ට වලල විදුහලෙන් උපහාර වලල නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා වේ නොමැකෙන සන්නාමයක් වූ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීම වෙනුවෙන් වලල පාසල් දු දරුවන් විසින් සංවිධානය කෙරෙන උපහාර පිදීමේ උත්සවය “යුගාචාර” මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා (23) පැවැත් වින.වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු වූ සුසන්ත ප්‍රනාන්දු මහතා වසර 37ක සිය ගුරු සේවයෙන් පසුගියදා විශ්‍රාම ගනු ලැබිය. වලල නාමය ලොවට ගෙනගිය ආසියානු පදක්කම් ලාභී , ඔලිම්පික් මැදිදුර ධාවන ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ගේද පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමයක් වන අතර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කරමින් මෙරටට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් මලල ක්‍රීඩාවෙන් හිමිකර දීමට මොහු සුවිශේෂී දායකත්වයක් දක්වා ඇති අතර , අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 නෙකු රටට බිහි කිරීමට සමත් වූ මොහු , අන්තර් ජාතික ක්‍රීඩා උළෙල වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 78 ක් දායාද කිරීමට සමත් වී ඇත. ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩා පුහුණුකරුවෙකු වෙනුවෙන් ලියවුණු ප්‍රථම හා එකම කෘතිය සුසන්ත ප්‍රනාන්දු ගේ ජිවිත කතාව “දැකුම්කලු කළුනික” කෘතිය එළිදැක්වීම ද පසුගියදා සිදුකරන ලදී. මෙම අවස්ථාවට වත්තේගම අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල විද්‍යාලයේ විදුහල්පති ගයාලි මාරසිංහ ,අවට පාසල්වල විදුහල්පතිවරුන් , සිසු දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook