සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පෝෂණ අර්බුදය හමුවේ අල වගාව ප්‍රවර්ධනය සදහා පුහුණු වැඩසටහනක් .

පෝෂණ අර්බුදය හමුවේ අල වගාව ප්‍රවර්ධනය සදහා පුහුණු වැඩසටහනක් .

පෝෂණ අර්බුදය හමුවේ අල වගාව ප්‍රවර්ධනය සදහා පුහුණු වැඩසටහනක් .

ආසන්නතම වසර කිහිපය තුළ  ලාංකීය ජනතාවට මුහුණ දීමට සිදු වූ අර්බුද ගණනාවකි .ඒ අතර කොවිඩ් වසංගත තත්වය ,ආර්ථික අර්බුදය හා ආහාර අර්බුදය ප්‍රධාන තැනක් ගනී.මෙම පසුබිම තුළ  සෞඛ්‍ය ක්ෂේත්‍රය උඩු යටිකුරු  කරමින් සමාජය තුල  සෘණාත්මක බලපෑමක් ඇතිකර තිබේ. පෝෂණය ගැටළු, මන්දපෝෂණය හා අහාර අර්බුදය සමග ඇතිවී ඇති ගැටළු සම්බන්ධයෙන් කතිකාවක් සමාජය තුල මතුව තිබේ.සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශවයන් විවිධ ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටි . එවැනි පසුබිමක් තුල  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මඟපෙන්වීම යටතේ කුණ්ඩසාලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.වයි.ජි.සි.කැකුලන්දර මහතාගේ මුලිකත්වයෙන් ආදර්ශ ව්‍යාපෘති ගණනාවක් කුණ්ඩසාලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල භුමිය තුළ  ක්‍රියාත්මක කරමින් පවතී. මාස හයක සිට මේ සදහා ගත හැකි විවිධාකාර ක්‍රියාමාර්ග, ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. ඒ අතර ආදර්ශ වගා භුමි ,ඇතිකරමින් එළවලු ,පලතුරු හා  අල වගාවන් ඇති කරමින් සෞඛ්‍ය නිලධාරින් දැනුවත් කිරීමත් ඒ මගින් ප්‍රාදේශීය ජනතාව පෙළඹවීමට  පියවර ගෙන තිබේ.

 මෙම අරමුණ වඩාත් පුළුල් කිරීමේ අරමුණින් තවත් පියවරක් ලෙස දේශීය අල වර්ග ප්‍රවර්ධනය සදහා වැඩසටහනක් ආරම්භ කර තිබේ.  සබරගමුව පළාතේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජි බණ්ඩාර විෂය භාර නිලධාරී නිරෝෂා වසන්තගේ යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන්  අලවර්ග හදුන්වාදීම , අල වගාව ප්‍රචලිත කිරීම , අල භාවිතයෙන් විවිධ කෑම වර්ග ප්‍රචලිත කිරීම යන  අරමුණු පෙරදැරි කරගනිමින්  ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  හා පල්ලේකැලේ එළිමහන් සිර කදවුරේ කාබනික කෘෂිකර්ම ප්‍රවර්ධන නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ දිගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook