සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ICC T20 ලෝක කුසලානය මහනුවර නගරයට

ICC T20 ලෝක කුසලානය මහනුවර නගරයට

ICC T20 ලෝක කුසලානය මහනුවර නගරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 වර්ෂයේ පවත්වන 20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන අයිසීසී ලෝක කුසලානය මහනුවර නගරයේදී පිළිගැනීම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටදී අද (30) දින සිදු කෙරිණි.මෙම අයිසීසී ලෝක කුසලානය රටපුරා ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ අනුව මහනුවර නගරය වෙත ගෙන ඒ්ම සිදු වූ අතර මහනුවර වැව මධ්‍යයේ පළමුව ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙම කාර්යය සඳහා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය සහාය ලබාදීම සිදු කෙරිණි.ඒ අනුව මෙම ලෝක කුසලානය මහනුවර නගරය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ආයතනය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ස්ථානවලට රැගෙන යන ලද අතර පසුව දඹුල්ල නගරය වෙත මෙම කුසලානය රැගෙන යාමට නියමිතය.20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2026 වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වේ. ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සදමාලී හේවගේ, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, මහත්ම මහත්මීන්, ඇතුළු රාජ්‍ය නිලධාරින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook