ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩමුළුවක්.
ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩමුළුවක්.
ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩසටහනක් (23) දින පල්ලෙකැලේ පිහිටි කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණ. මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකය විසින් එය සංවිධානය කර තිබිණ.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය පේරාදෙණිය, විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික සේවයේ නියුතු ඡායාරූපකරණය, විඩියෝකරණය සහ බහුමාධ්‍ය තාක්ෂණය පිලිබඳ බාහිර දේශක ගිහාන් ගම්බාරපිටිය මහතා විසින් ලබාදෙන ලදී.
මෙහිදී කැමරා උපාංග භාවිතය මෙන්ම නව තාක්ෂණික මෙවලම් ලෙස භාවිතා කරන ජංගම දුරකථන මගින් ජායාරූපකරණය, සංස්කරණ කටයුතු සිදු කිරීම ඇතුළු කැමරා භාවිතයේ දී අනුගමනය කළයුතු නිවැරදි ක්‍රියාකාරකම් පිළිබදව න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබාදීම සිදුවිය.මෙම පුහුණු වැඩසටහන කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් මත සංවිධානය විය.
