සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

  ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන,බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණ මෙහෙයුම් ආහාර සුරක්ෂිතතා හා පෝෂණය  පළාත් මෙහෙයුම් කමිටුව රැස්වේ.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන,බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණ මෙහෙයුම් ආහාර සුරක්ෂිතතා හා පෝෂණය පළාත් මෙහෙයුම් කමිටුව රැස්වේ.

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය වෙනුවෙන් වූ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද දින(02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

 

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ හා නුවරළිය යන දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන අධිකාරිය සහ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙමින් පැවති මෙම පළාත් කමිටු රැස්වීමේදී ආහාර සුරක්ෂිතතාවය සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීම සඳහා පළාත තුළ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ සඳහා පවතින ගැටලු සලකා බලමින්  දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම සිදු කෙරිණ.

 

 කෘෂිකාර්මික, සෞඛ්‍යය, අධ්‍යාපන, සමුපකාර, කර්මාන්ත, සත්ව නිෂ්පාදන, පළාත් පාලන, විෂයයන් මෙන්ම පළාත් සභා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සපයන සේවාවන් ට අදාළව මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී  පැහැදිලි කිරීම සිදු කරන ලද අතර , ඉදිරි පියවරයන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලදී.

 

ආහාර සුරක්ෂතතාවය සහතික කිරීමේ වැඩසහන වෙනුවෙන්  මධ්‍යම පළාතේ පවතින පාසල් භූමින් වගාවන් සදහා යොදවා ගැනීමට  ද පියවර ගෙන ඇත. මේ සඳහා  පළාතේ පවතින පාසල්  1520න් පාසල් 1019ක් මේ වන යොදවාගෙන ඇති අතර, එහි  භූමි ප්‍රමාණය අක්කර 512 ක් වේ.

 

 “ඔබේ දිවියට අපෙන් සවියක්” ජාතික ආහාර සුරක්ෂිතතා හා පෝෂණ වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත තුළ  දරුවන්ගේ පෝෂණ තත්ත්වය සුරක්ෂිත කිරීම, පෝෂණ අවශ්‍යතා සහිත පවුල්වල තොරතුරු ග්‍රාමනිලධාරී වසම් මට්ටමින් හදුනාගැනීම , කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වා දීම ආදී වූ  ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

 

මෙම අවස්ථාව සඳහා දඹුල්ල, මාතලේ හා මහනුවර නගරාධිපතිවරුන් ඇතුළු  ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම  පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් , විද්වතුන්, පරික්ෂක අංශ ප්‍රධානීන්, ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook