සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය එළිදකී

‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය එළිදකී

‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය එළිදකී එක රටක් ඒක ජාතියක් තේමාව යටතේ ‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ (The Glorious History of the Sri Lankan Muslim Symbol) කෘතිය ජනගත කිරීමේ සම්න්ත්‍රණය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේදී පසුගියදා (28) පවැත්විණි.මහනුවර තරුණ මුස්ලිම් සංගමය, සිවිල් සංවිධාන එකමුතුව, ස්වේච්ඡා සමාජ සහ ආගමික සංවිධාන ඒකාබද්ධව උත්සවය සංවිධානය කර තිබිණී.ආචාර්ය රවුෆ් සෙයින් මහතා විසින් දෙමළ භාෂාවෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. මෙහි ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහිත දසනායක මහතා විසින් සිදු කෙරිණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා “ජාතින් අතර පවතින ඉතිහාසය සහ විවිධත්වය හඳුනා ගැනීමටත් එකමුතු භාවය වර්ධනය කරගැනීම සඳහා මෙවැනි ග්‍රන්ථ සමාජගත කිරීම කාලීනව වැදගත් කරුණක් බව” සඳහන් කළේය.ජාතින් අතර පවතින නොදැනුවත්කම භවිතා කරමින් විවිධ ගැටළු ඇති කිරීමට විවිධ කණ්ඩායම් උත්සාහ දරන බවත්, එවැනි උත්සහයන් වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීමේ කාර්යය මෙවැනි පොත් පත් රචනා කිරීම හා ජනගත කිරීම හරහා සිදුවන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.මෙම කෘතිය ජනගත කිරීමේ උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජ්‍ය පක්ෂය, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර තරුණ මුස්ලිම් සංගමයේ සභාපති එම්. ගසාලී සහීඩ් යන මහත්ම මහත්මීන් ඇතුලු මහනුවර තරුණ මුස්ලිම් සංගමය, සිවිල් සංවිධාන එකමුතුව, ස්වේච්ඡා සමාජ සහ ආගමික සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook