සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගරයේ දිට්වා ආපදා ප්‍රතිසංස්කරණය ඇරඹේ

මහනුවර නගරයේ දිට්වා ආපදා ප්‍රතිසංස්කරණය ඇරඹේ

මහනුවර නගරයේ දිට්වා ආපදා ප්‍රතිසංස්කරණය ඇරඹේ.... දිට්වා කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමව තුළ අපදාවට ලක්වු ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (30) දින ආරම්භ කෙරිණි.මහනුවර නගරයේ, අරුප්පල, දුටුගැමුණු මාවතේ දිට්වා සුළි කුණාටු නිසා මාර්ගයේ ගිලා බැසගිය ස්ථානයේ නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම මෙහිදි සිදු කෙරිණි.මහනුවර මහ නගර සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ඉදි කිරීම් කටයුතු ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ දායකත්වය යටතේ සිදු කරයි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මහනුවර නගරයේ දිට්වා අපදාවට ලක්වූ තෝරාගත් ස්ථාන තිස්පහක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට මහනුවර නගර සභාව පියවර ගෙන ඇති අරත ඒ සඳහා රුපියල් මිලියන 639ක පමණ මුදලක් වෙන්කර ඇත.මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා අතුළු මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු මහනුවර මහ නගර සභාවේ නිලධාරීන් හා අවට ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වූහ. (ඡායාරූප - මහනුවර මහ නගර සභා මාධ්‍ය ඒ්කකය)

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook