නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය පිහිටුවීම දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන්
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය පිහිටුවීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.2 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහ නියෝජනය කරමින් කලාකරුවන්, සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සංස්කෘතික බල මණ්ඩලය සදහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමද මෙහිදී සිදු කෙරිණ.