සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා පත්කෙරේ....

මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා පත්කෙරේ....

මධ්‍යම පළාතේ අභිනව ආණ්ඩුකාර ධුරයට විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා පත්කර තිබේ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ආණ්ඩුකාර ධුරයේ දිව්රුම් දීමෙන් පසු අදාළ පත්වීම (05) පස්වරුවේ ඒ මහතා වෙත ලබාදී ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් වෘත්තිය සහ පාරිසරික සෞඛ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධිතව පර්යේෂණ කටයුතු වල නිරතව ඇති ඒ මහතා, ටිමෝර්, ලෙසතෝ සහ ඉන්දුනීසියාව යන රටවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත.

මහනුවර, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයකු සේවය කර ඇති ඒ මහතා, ආණ්ඩුකාර ධුරයට පත්වන විට මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook