සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ පාසල් හයකට නව විදුහල්පතිවරු පත් කෙරේ

මධ්‍යම පළාතේ පාසල් හයකට නව විදුහල්පතිවරු පත් කෙරේ

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහකට අයත් පාසල් හයක් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම (18) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නව පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.ඒ අනුව මහනුවර පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ ඇල්කඩුව දෙමළ මහා විද්‍යාලය, වත්තේගම සෙනරත්පුර විද්‍යාලය, ගලේවෙල පට්ටිවෙල කනිෂ්ඨ විද්‍යාලය, මාතලේ ශ්‍රී සරණංකර කනිෂ්ඨ විද්‍යාලය සහ දෙනුවර පමුණුව ප්‍රාථමික විද්‍යාල සඳහා නව විදුහල්පතිවරුන් පත් කෙරිණි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමී හෙට්ටිආරච්චි මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම පත්වීම්ලාභී විදුහල්පතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook