මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ස්ථාපිත IncluDe Welfare Association විසින් විශේෂ ආබාධ සහිත දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ක්‍රියාත්මක කරන "The Blue Rose Village" ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට එළඹීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (20) සිදුවිය.මෙම අවබෝධතා ගිවිසුමට අනුව රුපියල් 3,400,000.00 ක මුදලක් Blue Rose Welfare Society ආයතනය වෙත ප්රදානය කෙරේ. "The Blue Rose Village" ව්‍යාපෘතිය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබමින් අභිමානයෙන් ජීවත්වීම සඳහා අවස්ථාව සැලසෙන විශේෂ ගම්මානයක් මහනුවර, යටිහලගල ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා ජාතික පිළිකා මර්දන අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල, මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.එස්.කේ. ගරුසිංහ යන මහත්වරුන් ඇතුළු IncluDe Welfare Association නියෝජිතයින් සහ බ්ලූ රෝස් විශේෂ පාසලේ විදුහල්පති නාමලිකා දිසානායක මහත්මිය ඇතුළු Blue Rose Welfare Society නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
සියලු පුවත් බලන්න
මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්රවෘත්ති මූලාශ්‍රය
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
