සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ අ. පො.ස. උසස් පෙළ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්  නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ අ. පො.ස. උසස් පෙළ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ අධ්‍යාපන ප්‍රතිපල ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් උසස් පෙළ කලා /වාණිජ /ගණිත /විද්‍යා හා තාක්ෂණවේදය යන විෂයධාරාවන් හදාරන දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව නව වැඩසටහනක් ක්‍රියාවට නන්වයි. 

 

මෙහි එක් අංගයක් ලෙස රට තුළ පවතින ආර්ථීක හා සාමාජිය අර්බුදයන් හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් නේවාසික අධ්‍යාපන කදවුරු පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කොට ඇත. 

 

ඒ අනුව සංවිධානය වූ විෂයමාලා ආවරණය කෙරෙන තෙදින නේවාසික අධ්‍යන කදවුරක් ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී අද දින (04) ආරම්භ කෙරින. 

 

මෙහිදී දරුවන් තුළ නිරවුල් මානසික පදනමක් ගොඩනැගීමට අවශ්‍ය  පසුබිම උදා කිරීම සදහා කටයුතු යොදා පවතින අතර මෙම වැඩසටහනේදී  භූගෝල විද්‍යාව විෂයට අදාළව විෂය දැනුම ලබාදීම සිදු කරන ලදී. මෙම තෙදින වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන භූගෝල විද්‍යා දේශක කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආචාර්ය ශාන්ත බැරගමආරච්චි  මහතා විසින් ලබාදෙන ලද අතර වැඩමුළුව සදහා පළාතේ දුෂ්කර අධ්‍යාපනය කලාප නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 160 දෙනෙකු සහභාගී විය. 

 

මෙහි සමාරම්භක අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) චම්පිකා මායාදුන්නේ ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජි.හේරත් බණ්ඩා යන මහතාම මහත්මීන් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook