සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයීය  වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රදානය අභිමානවත්ව.

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රදානය අභිමානවත්ව.

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය , ලාංකේය  සෞන්දර්යාත්මක අධ්‍යාපනයට නව  පන්නරයක් ලබා දෙමින් වසර දාහතරක්  තුළ විශිෂ්ට මං සලකුණු සනිටුහන් කරයි ..ලංකාවේ ප්‍රථම උසස් පෙළ සෞන්දර්ය විද්‍යාලය වන මෙය අධ්‍යාපනික,සෞන්දර්ය හා ශිෂ්‍ය භට යන අංශ තුළින් විශිෂ්ට ප්‍රතිඵල ඇත කර ගැනීමට සමත් වීම අරමුණු කොට ගෙන  වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රදානය අභිමානවත් අන්දමින්  මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10 දා ) පවත්වනු ලැබිය. 

මෙහිදී  විෂය සමගාමී හා  බාහිර වශයෙන් සමස්ත අධ්‍යාපනය ක්‍රියාදාමය තුළ සුවිශේෂී අනන්‍යතාවක් ප්‍රකට කරමින් දක්ෂතා ඔප්නංවමින් ඉදිරියට පැමිණි සිසු සිසුවියන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. ඒ අනුව මෙම පාසලේ සිංහල හා දමිළ අංශයේ එක් එක් විෂයයන්ගේ දක්ෂතා දැක්වූ, සමස්ත ලංකා පාසල් නැටුම්, සංගීත,නාට්‍ය හා රංග කලා තරග ජයග්‍රහණ ලැබූ සිසු සිසුවියන්ට   පදක්කම්, ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරිණි. එසේම විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ ඇගයීමකට ලක කරමින්  පදක්කම් ප්‍රදානය සිදු කරනු ලැබිය.

මෙම අවස්ථාවට සහභාගි වූ IBA ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය දේශබන්ධු ආචාර්ය සිසිර වික්‍රමසිංහ මහතා  ජීවිතයේ සාර්ථකත්වය සඳහා ආර්ථික සමාජ සංවර්ධනයට ආකල්ප හා නව චින්තනයේ වැදගත්කම පිළිබඳව දේශනයක් ඉදිරිපත් කළේය. 

රිසි කලා සිසු දරුවන්ගේ නර්තන හා ගායන අංගයන්ගෙන් අලංකාර වූ මෙම උත්සවයට ආරම්භක  විදුහල්පති ලූතිනන් කර්නල් රංජිත් කේ. රාජපක්ෂ, මාවිල්මඩ මහා විද්‍යාලයේ විදුහල්පති නිරූපා ද දිසානායක, නැනෝදා ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති සුරේඛා විජේතුංග  , විද්‍යාලයේ විදුහල්පතිනි ඊ. එම්.යු.එන්.කේ.ඒකනායක  යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය විදුහල්පතිවරුන්,ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook