මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකය සඳහා ජීවිතාරක්ෂක උපකරණ තොගයක් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත්දා සිදු කෙරිණි.
දියේ ගිලුණු හා ගංගා තරණය කොට ජීවිත මුදා ගැනීමට හැකි නවීන උපංගවලින් මෙම උපකරණ තොගය සමන්විතය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් නාගරික ගිනි නිවීමේ ඒකකය කළ ඉල්ලීමක් අනුව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ දායකත්වයෙන් මෙම උපකරණ ලබාදීම සිදුවිය.
දිය තරණය සඳහා භාවිතා කරන ජීවිතාරක්ෂ කබා, ඉලක්කය වෙත විසි කොට පහසුවෙන් පුද්ගලයෙකු අල්වා ගැනීමේ හැකියාවකින් යුක්ත කඹ ඇතුලු උපාංග රැසකින් මෙම උපකරණ කට්ටල සමන්විත යැයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසීය.
උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මහනුවර නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුමාරච්චි මහතා, නාගරික ගිනි නිවීමේ ඒකකයේ ස්ථානභාර නිලධාරී එම්.ඒ.එම්.ඩයස් මහතා ඇතුලු පිරිසක් එක්විය.